ඔබ හා මා ගෙවූ අතීතයක් වේ
එය සිහිනයකි.මිරිගුවකි.
එහිම ගැලී ඉන්නට ඇත්නම්
එයද වේදනාකාරීය
ඔබ ගොසින් ය
සිහිනයකවත් නොරැඳී
ඔබ ගොසින් ය
ඉඳින්
මම තවත් තව තවත් බලා හිඳිමි
ඒ සිහිනයම නැවත දකිනු රිසින්
ඒ විඳි සුමියුරු සප්ත ස්වර හා රැඳී
~....සිතුවිළි දැහැන....~
~.....සිතට දැනෙනා සිතුවිළි අකුරෙන් අමුණා සියුම් ගෙත්තමක් වියන්නටත් එය කවක් සංකල්පනාවක් සුන්දර නිසදැසක් ලෙසින් කියවා රසවිඳින්න ටත් ඔබගේ සුන්දර සිතුවිළි මා සමඟින් බෙදාහදා ගන්නටත් ඔබට ආරාධනා....~
Wednesday, November 16, 2016
Tuesday, October 11, 2016
නොනිමි වලප
දෝරෙ ගලන
කුහක කම් මැද
දුබල ජීවයක් ලද අපි
තාමත් අසරණයි
විච්ඡිණ්න බලාපොරොත්තු පිරුණු
මිළින හෘද් කුසුම පුබුදු වන්නට
මොහොතකට,
නිල් කහ කොල වලට හැකි වුවත්
අද මා
මා නැතිනම් හෙට නුඹ කරා විත්
ගත රීරි මාංශ උරා බොන
ඔවුනට නොහැකිය
අප සේම තවෙකියන්
මේ මඟට පිවිසේවි
ඒ
විෂ පිළිල වපුරන
නොමිනිස්කම් නිසාම ය
එදා මෙන්ම තාමත් හැමදාටම
අපි අසරණයි.
දෝරෙ ගලන
කුහක කම් මැද
දුබල ජීවයක් ලද අපි
තාමත් අසරණයි
විච්ඡිණ්න බලාපොරොත්තු පිරුණු
මිළින හෘද් කුසුම පුබුදු වන්නට
මොහොතකට,
නිල් කහ කොල වලට හැකි වුවත්
අද මා
මා නැතිනම් හෙට නුඹ කරා විත්
ගත රීරි මාංශ උරා බොන
ඔවුනට නොහැකිය
අප සේම තවෙකියන්
මේ මඟට පිවිසේවි
ඒ
විෂ පිළිල වපුරන
නොමිනිස්කම් නිසාම ය
එදා මෙන්ම තාමත් හැමදාටම
අපි අසරණයි.
Thursday, September 29, 2016
Tuesday, September 20, 2016
Saturday, September 17, 2016
Sunday, September 11, 2016
Subscribe to:
Comments (Atom)




