මඟ බලන් ඉන්නටම
මඟේ හිත කියනවා
ඉඳ හිටෙක කවි පේලි
හිත් කොනෙක රැඳෙනවා
ලියා එවනට බියයි
නුඹ නමින් තියෙනවා
කිසි දාක නොවූ ලෙස
ඔබ කෙරෙහි බැඳෙනවා
මේ අරුම කුමක්දැයි
තවම මම හොයනවා.
~.....සිතට දැනෙනා සිතුවිළි අකුරෙන් අමුණා සියුම් ගෙත්තමක් වියන්නටත් එය කවක් සංකල්පනාවක් සුන්දර නිසදැසක් ලෙසින් කියවා රසවිඳින්න ටත් ඔබගේ සුන්දර සිතුවිළි මා සමඟින් බෙදාහදා ගන්නටත් ඔබට ආරාධනා....~
Monday, August 29, 2016
Monday, August 15, 2016
ප්‍රේමය බැති බර මතක පොදක් වී
හිනැහුණ කල සිත් මත ගොඩවී
සැනසුම දුර විය ලංවිය නොහැකී
අහස උසය නුඹ මා දුකිනී
ජීවිත ගිරිදඹ මුදුණේ හිනැහෙන
නුඹ දුරකී අත පොවනු බැරී
අත්වැල වන්නට පැතූ පැතුම් පොදි
වරා මලෙකි අද හද සොවිණී
ගැයූ ලසෝ ගී පවනේ මුසු වී
ගියාට මට නම් කමක් නැතී
ඔබම ය සිහිළැල් සඳ කිරණය මට
සඳ සිසිලේ සුව විඳිණු බැරී.
හිනැහුණ කල සිත් මත ගොඩවී
සැනසුම දුර විය ලංවිය නොහැකී
අහස උසය නුඹ මා දුකිනී
ජීවිත ගිරිදඹ මුදුණේ හිනැහෙන
නුඹ දුරකී අත පොවනු බැරී
අත්වැල වන්නට පැතූ පැතුම් පොදි
වරා මලෙකි අද හද සොවිණී
ගැයූ ලසෝ ගී පවනේ මුසු වී
ගියාට මට නම් කමක් නැතී
ඔබම ය සිහිළැල් සඳ කිරණය මට
සඳ සිසිලේ සුව විඳිණු බැරී.
Saturday, August 13, 2016
Thursday, August 11, 2016
Tuesday, August 9, 2016
සිහිනයන් සැබෑ නොවන
සැබෑවන් සිහින විය
පැතූ දේ ඉටු නොවන
නොපැතු දේ වද විය
නෙතඟ රැඳි කඳුළු බිඳු
අනාවට බාද විය
වත්මනෙහි රැඳෙන්නට
අතීතය ශාප විය
මකරන්ඳ පොකුරු යට
සෙනෙහසින් කූඩු බැඳ
වැජබෙන්න සිතුවාට
සිහිනමයි හැම දේම
දුවන්නට සිත් වුණිද
අතැර දා බැඳි සෑම
පුහුදුන්ය සිතින් මා
නොමිදුණේ විය තාම
මැරුණු හිත පන ගන්න
පැන් බිඳක් ඉසලන්න
සෙත් පිරිත වී එන්න
ඒ සිහින මල් ගොන්න
සැබෑවන් සිහින විය
පැතූ දේ ඉටු නොවන
නොපැතු දේ වද විය
නෙතඟ රැඳි කඳුළු බිඳු
අනාවට බාද විය
වත්මනෙහි රැඳෙන්නට
අතීතය ශාප විය
මකරන්ඳ පොකුරු යට
සෙනෙහසින් කූඩු බැඳ
වැජබෙන්න සිතුවාට
සිහිනමයි හැම දේම
දුවන්නට සිත් වුණිද
අතැර දා බැඳි සෑම
පුහුදුන්ය සිතින් මා
නොමිදුණේ විය තාම
මැරුණු හිත පන ගන්න
පැන් බිඳක් ඉසලන්න
සෙත් පිරිත වී එන්න
ඒ සිහින මල් ගොන්න
Saturday, August 6, 2016
අඳුරේම අවදී වී මැදියමේ නිදි ගන්න
දාසියක සොයුරියක විටෙක මව වී හිඳින
ඔහු වැටුප මත රැඳී අවමාන නෙක විඳින
පැසසුමක් දිවි පුරා ඇස අයාගෙන සිටින
සරදමින් සිනහා වී නුඹ විඳින ඔය සතුට
මොන තරම් කුරිරුයිද කවදාක වැටහෙයිද
තුරු ලතා වුව පවා වෙනස් වන සෙනෙහසක
අගය වටහා ගන්න පමා වී ඇත එවිට
වැටෙන කඳුළැලි පිසින කවුරුවත් නොම දකින
ජීවිතේ මේ තමයි වැපුරු දේ පළ ලබන
දකින්නට අරුතකින් නිතර උත්සාහ කරන
නිවෙමි නිව නිවා යමි සසර පිරි දුක් කන්ඳ
දාසියක සොයුරියක විටෙක මව වී හිඳින
ඔහු වැටුප මත රැඳී අවමාන නෙක විඳින
පැසසුමක් දිවි පුරා ඇස අයාගෙන සිටින
සරදමින් සිනහා වී නුඹ විඳින ඔය සතුට
මොන තරම් කුරිරුයිද කවදාක වැටහෙයිද
තුරු ලතා වුව පවා වෙනස් වන සෙනෙහසක
අගය වටහා ගන්න පමා වී ඇත එවිට
වැටෙන කඳුළැලි පිසින කවුරුවත් නොම දකින
ජීවිතේ මේ තමයි වැපුරු දේ පළ ලබන
දකින්නට අරුතකින් නිතර උත්සාහ කරන
නිවෙමි නිව නිවා යමි සසර පිරි දුක් කන්ඳ
Friday, August 5, 2016
Wednesday, August 3, 2016
අවකාශයේ බොහෝ දිගු දුර ගෙවමින්
නොයෙක් හැඩයන් තුළට වැදෙමින්
හඹා ගිය ගමන තුළ සිදුවන්නේ කුමක් ද?
සිදුවුයේ කුමක් ද?
සියල්ල අවිනිශ්චිත වන විට!
ජීවිතය හේබාව
අනන්තය සොයා ගියායැයි සිතූ මුත්
වැරදීය එය
ගත දවාලන කෘපණ සිත
නිවාලන සිසිලසක් තාමත් නොලැබීය
සොයා යා යුතු නොම වේද
සැනසුමක් ලැබ ගන්න
දුරින් පෙනෙනා සත්‍යයේ පහන් ටැඹ
නොයෙක් හැඩයන් තුළට වැදෙමින්
හඹා ගිය ගමන තුළ සිදුවන්නේ කුමක් ද?
සිදුවුයේ කුමක් ද?
සියල්ල අවිනිශ්චිත වන විට!
ජීවිතය හේබාව
අනන්තය සොයා ගියායැයි සිතූ මුත්
වැරදීය එය
ගත දවාලන කෘපණ සිත
නිවාලන සිසිලසක් තාමත් නොලැබීය
සොයා යා යුතු නොම වේද
සැනසුමක් ලැබ ගන්න
දුරින් පෙනෙනා සත්‍යයේ පහන් ටැඹ
කුරුටු ගෑ ගී පවුර: යළි නොයෙන කාලයට හිත ඔහේ දුවනවා…....
කුරුටු ගෑ ගී පවුර: යළි නොයෙන කාලයට හිත ඔහේ දුවනවා…....: රැළි වැටුණ දෑත් යුග ළතැවුලක් මවනවා ගෙවුණු කාලය කෙරේ හිතින් ලොබ බඳිනවා …… කෙළි කවට කම් කෙරූ බාල විය හැඟෙනවා හැම අතින...
කුරුළුත් එක්ක ආදරෙන්: ===== සිත නිවන සිත ======= .
කුරුළුත් එක්ක ආදරෙන්: ===== සිත නිවන සිත ======= .: ලිපිය නොලියා සිටීමටත් අනේක වාරයක් සිතීමි. එනමුත් සිතට දැනෙනා අනෙකුත් සියල්ල ලියා තබන අතර තුර මේ දැ ද නොලියා අතහැරීම අඩුපාඩුවකැයි වරෙක ...
Subscribe to:
Comments (Atom)











