Saturday, August 6, 2016

කොටට හැඳ
හිස මතට ගෙඩිය බැඳ
පන්සලේ දෙවොලට
ඇදෙති අඟණෝ
දෙවි පිහිට පතා
එතැනදී කපු හිමි
නැවත හරවා එවයි උන්
ගොස් මල් පුදා එනු
බුදුන්ටයැයි කියා
එ විගසින් මල් රැගෙන
කඩිමුඩියේ දුව එන
අඟණෝ දකින
සැදැහැවත් උපාසිකා තොමෝ
වැඳුම නවතා බැණ වදියි උන්ට
සිතින් ශාප කර
අනේ ශීලය,අනේ දෙවියන්
නොදුටු අඟණන් නොදුටු උපාසිකාවන්

No comments:

Post a Comment