Friday, August 5, 2016

නඟින්නට වංකගිරි
අත්වැලක් වී නිබඳ
ගිරි දුර්ග මාවතට
පා යුගල වී ඇතිද
දකින්නට විෂම ලොව
නෙත් සඟළ වූ ඔබද
ජීවිතේ මිහිරි බව
කියා දෙන්නේ සබඳ

2 comments:

  1. සිතපුරා ගැටගැසුන කප්පරක් සිතුවිළිය
    ඒ මැදින් පෙරළෙනා සිහිණ සිත්තම් අහුර
    සසර දිගු ගමන් මඟ නවතන්න හැකිවේද?
    එදින මම දෝත දෙමි ඔබත් ඒ මඟ එන්න

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete