අවකාශයේ බොහෝ දිගු දුර ගෙවමින්
නොයෙක් හැඩයන් තුළට වැදෙමින්
හඹා ගිය ගමන තුළ සිදුවන්නේ කුමක් ද?
සිදුවුයේ කුමක් ද?
සියල්ල අවිනිශ්චිත වන විට!
ජීවිතය හේබාව
අනන්තය සොයා ගියායැයි සිතූ මුත්
වැරදීය එය
ගත දවාලන කෘපණ සිත
නිවාලන සිසිලසක් තාමත් නොලැබීය
සොයා යා යුතු නොම වේද
සැනසුමක් ලැබ ගන්න
දුරින් පෙනෙනා සත්‍යයේ පහන් ටැඹ

No comments:
Post a Comment