Thursday, August 11, 2016

පින් බිමේ මුණ ගැහෙන
පුන් සඳින් මුවා වෙන
සිත් කළඹ වන සුවඳ
පිච්ච මල ඔබ පමණි

නොදක්නෙමි වත්මනෙහි
නොදැනේවි සුවඳ නුඹ
මේ දැනුත් සිතමි මම
මා ලඟම නුඹ වෙත්ද

එන්නෙමි'යි කී නුඹව
එනතුරා මතු දිනෙක
නොකීමුත් සිටින්නට
ඉන්නෙමී මම සබඳ

No comments:

Post a Comment