ප්‍රේමය බැති බර මතක පොදක් වී
හිනැහුණ කල සිත් මත ගොඩවී
සැනසුම දුර විය ලංවිය නොහැකී
අහස උසය නුඹ මා දුකිනී
ජීවිත ගිරිදඹ මුදුණේ හිනැහෙන
නුඹ දුරකී අත පොවනු බැරී
අත්වැල වන්නට පැතූ පැතුම් පොදි
වරා මලෙකි අද හද සොවිණී
ගැයූ ලසෝ ගී පවනේ මුසු වී
ගියාට මට නම් කමක් නැතී
ඔබම ය සිහිළැල් සඳ කිරණය මට
සඳ සිසිලේ සුව විඳිණු බැරී.

No comments:
Post a Comment